close
Landune Lyrics & Chords By Amarasiri Peiris
LyricsView Chords
printDownload as PdfPdf
ලදුනේ... ලදුනේ...
ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ... ලදුනේ
දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ.
නෑයෙක් නෑකම නොකියන, වීදි සරණ ලදුනේ... ලදුනේ
තෙල් මල් ගෙන දෝත පුරා...
මුනි කුටියට පියමන් වන.
ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ... ලදුනේ
බුදුන් දැක නිවන් දකින්.
දෙවුලොව යන පාර අහන්
ඔබද පටාචාවකි.
ඔබද කිසා ගෝතමියකි
පිරිමින්ගේ පාප කඳට දෝෂ විදින ලදුනේ.
අදුරේ පව් කරන දනා... එලියේ රවන ලදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන, ලය නොපෙනෙන ලදුනේ
කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ...